රාජගිරියේදී තරුණයකු අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීම චම්පික රිමාන්ඞ්

රාජගිරියේදී තරුණයකු අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීම චම්පික රිමාන්ඞ්

තරුණයකු රිය අනතුරකට ලක් කර බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (19 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාව ඊයේ (18 දා) පස්වරු 6.30 ට පමණ බත්තරමුල්ල පිහිටි සිය නිවසේදී කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

2016 පෙබරවාරි 28 වැනිදා රාත‍්‍රි රාජගිරිය ප‍්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මහතාගේ රථයේ පිටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතළ තුවාල ලබා තිබූ අතර, ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් තවත් තරුණයකු තුවාල ලබා තිබිණි. 04 – පිටුවට

එම රිය අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලූම් කුමාර නමැත්තා බවට පොලිසියට වාර්තා කිරීම නිසා ඔහුට එරෙහිව නිීතිමය පියවර ගැනීමට වැලිකඩ පොලිසිය පියවර ගෙන තිබිණි.

කෙසේ නමුත් එදින එම රථය පදවා ඇත්තේ සැකකාර රියැදුරු නොව එවකට ඇමැති පාඨලී චම්පික රණවක මහතා බවට ඉදිරිපත් වූ දිවුරුම් ප‍්‍රකාශයක් අනුව අලූතින් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපතිවරයා පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඊයේ (18 දා) පස්වරුවේ පොලිිසියට නියෝග කර තිබිණි.

මෙම අනතුර සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 13 දා තොරතුරු වාර්තා කරමින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය පාඨලී චම්පික රණවක මහතාට මෙන්ම ඔහුගේ රියැදුරුට ද විදේශගතවීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබිණි.

එකී නියෝගයෙන් පසුව පසුගිය 16 දා දහවල් පාඨලී චම්පික රණවක මහතා ඔහුගේ නීතිඥවරුන් සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි අතර විමර්ශන නිලධාරීන් දැන්වූ විට කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් ප‍්‍රකාශ ලබා දෙන ලෙසට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය පාඨලී චම්පික රණවක මහතාට නියෝග කර තිබිණි.

Share this: