විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරන්නේ, උතුරු හෝ නැගෙනහිර පළාත්වල කිසිඳු ආකාරයකින් රහස් රැඳවුම් කඳවුරක් නොමැති බවත් ශ්‍රී ලංකා රජය හෝ යුද හමුදාව විසින් එවැනි කඳවුරු පවත්වාගෙන නොයන බවත්ය.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ස්ථීර ලෙසින් මේ බව තහවුරු කර සිටියේ යුද්ධයෙන් අවතැන් වූ දමිළ ජනතාව රඳවාගෙන සිටින එවැනි කිසිඳු කඳවුරක් නොමැති බවයි.
තවද, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,
“පසුගිය සතියේමට තවමත්අතුරුදහන් වූ සියදරුවන්සොයමින්සිටින මව්වරුන්පිරිසක්හමුවීමට අවස්ථාවක් ලැබුණා.රහස් රැඳවුම්කඳවුරුගැනත් එහිදී සාකච්ඡා වුණා. නමුත් මම එහිදී සහතික ලෙසම කියා සිටියේ රජයේ පාර්ශවයෙන් මෙවැනි කිසිඳු කඳවුරක් පවත්වාගෙන නොයන බවට. ඒ වගේම ඔවුන්ට මම කිව්වා එවැනි තත්ත්වයක් පිළිබඳ යම් හෝඩුවාවක් තිබෙනවා නම් ඒ ගැන රජය පැත්තෙන් පූර්ණ පරීක්‍ෂණයක් කිරීමට අප සූදානම් බව.” යනුවෙනි.