නියෝජ්‍ය විනිමය පාලක සරත් සිසිර කුමාර මහතා අද කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබුනේ, විදේශ විනිමය ප්‍රේෂණ කටයුතුවලදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් විනිමය පාලන නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවයි.
මේ බව පැවසුනේ, විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් ඩොලර් බිලියනයකට අධික මුදලක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනුණු අවස්තවෙදිය.
තවද සරත් සිසිර කුමාර මහතා දැනුම්දී ඇත්තේ රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් විනිමය පාලන නීති උල්ලංඝණය වන ආකාරයෙන් කිසිදු කටයුතු කර නැති බවයි.
විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් මෙරටට මුදල් රැගෙන ආ බවට චෝදනා එල්ල වී ඇති මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම පසුගිය 10 වැනිදා සිදුවිය.