රනිල් වික්‍රමසිංහ හා උපුල් මාලෙවන යන මහත්වරු සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි.

රනිල් වික්‍රමසිංහ හා උපුල් මාලෙවන යන මහත්වරු සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි.

කල්බදු සමාගමක සේවකයින් පිරිසක් යැයි කියන කණ්ඩායමකගේ අමානුෂික පහර කෑමකින් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (14) සිදු කෙරෙයි.

ඒ, කැස්බෑව පොදු සුසාන භූමියේදීයි.

ඔහු අද දැයෙන් සමුගෙන යන්නේ මෙරට ලීසිං සමාගම් ඇතුළු මූල්‍ය සමාගම් විසින් වාහන අත්පත් කර ගැනීමේදී මෙතෙක් සිදුකළ අදුරු පැතිකඩක් රට හමුවේ අනාවරණය කරමින්.

එතුමාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා කැස්බෑව ආසනයෙන් මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සදහා තරගකරන උපුල් මාලෙවන මහතා අද උදෑසන සහභාගි විය.

Share this: