රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම්දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම්දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී, 08 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසත්, නිදහස් ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසත්, මීට ටික වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබුවේය.

දිවුරුම්දීමේ උත්සවය ජනාධීපති ලේකම් කාර්යාලයේදී සිදු වුනු අතර, එම අවස්ථාවට මහසංඝරත්නය, මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටිම විසේසත්වයකි.

පසුගිය 17 වනදා පැවති මහමැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 106ක බලය තහවුරු කර ගැනීමට සමත් වුනු අතර, වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ සිව්වන අවස්ථාව මෙයයි.

මේ අතර සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ‍අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද එම අවස්ථාවේදී සිදුවිය.

එම අවබෝධතා ගිවිසුම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් කබීර් හෂීම් මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතාත් අත්සන් කරන ලදී.

Share this: