රනිල් ජනාධිපති හදලා දුන්න ආරක්ෂක පාලම නිසා පොහොට්ටුවේ හොරු රැල දැන් ආයේ නැගිටිනවා! – සජිත් ප්‍රේමදාස

රනිල් ජනාධිපති හදලා දුන්න ආරක්ෂක පාලම නිසා පොහොට්ටුවේ හොරු රැල දැන් ආයේ නැගිටිනවා! – සජිත් ප්‍රේමදාස

පරාජිත පොහොට්ටු රැල නැවත නැගී සිටීමට උත්සාහ කරන්නේ  වත්මන් රනිල් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාව ජනාධිපතිවරයෙකු රටට පත්කර ගන්නේ රට ගොඩනගන්නට එම ජනාධිපතිවරයාට ඇති වැඩ පිළිවෙල මත බව විපක්ෂ නායකතුමා පවසයි. එහෙත් වත්මන් ජනාධිපතිවරයාව පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පත් කර ගත්තේ වෙනත් පොරොන්දු තුනක් මත බව විපක්ෂ නායකතුමා පැවසීය. පිච්චුන ගෙවල් වලට වන්දි ලබා ගැනීම සදහා, ආරක්ෂාව සලසා ගැනීම සදහා, වසර හතරකට මැතිවරණ හකුළුවා දීම ඒ පොරොන්දු බව පැවසූ විපක්ෂ නායකතුමා පවසයි. වත්මන් රනිල් ජනාධිපතිවරයා ඒවා ඉටු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

විපක්ෂ නායකතුමා මේ පිලිබදව පවසා සිටියේ 16 වෙනිදා පොල්ගහවෙලදී පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

Share this: