රනිල්ට දික්කසාද කරන්න බැරි ප්‍රශ්නේ!

රනිල්ට දික්කසාද කරන්න බැරි ප්‍රශ්නේ!

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය දැනට මුහුණ දී සිටින ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයෙන් ‘දික්කසාද’ කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (මාර්තු 30) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති ‘ආර්ථික සංවාදය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන් ඔබ්බට’ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් රාජ්‍ය නායකයා කියා සිටියේ රටේ පවතින ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික අර්බුදයෙන් වෙන් කළ නොහැකි බවයි.

ශ‍්‍රී ලංකාවට ප‍්‍රගතිය සඳහා අවසන් අවස්ථාව උදා වී ඇති අතර අනාගත පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් ජන සමාජයක් බිහිකිරීම සඳහා සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සත්කාරකත්වය දරන ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අභිබවා ඉදිරි පරම්පරාවන් සඳහා සමෘද්ධිමත් ප්‍රජාවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, මෙම ඉලක්කය සඳහා රජයේ කැපවීම අවධාරණය කරමිනි.

Share this: