රනිල්ගේ නීතිඥ වෘත්තියට වසර 50ක් ලැබුවලු!

රනිල්ගේ නීතිඥ වෘත්තියට වසර 50ක් ලැබුවලු!

නිදහස ලබා වසර 75ක් පිරීම නිමිත්තෙන් සියලු පුරවැසියන් සහයෝගයෙන් සහ සමගියෙන් එකට ජීවත්වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිතිවරයා මේ බව සඳහන් කළේ 12/03 වන දින පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නීති වෘත්තිකයන් විසින් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ වෘත්තියට වසර 50ක් පිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබීය.

Share this: