රනිල්ගේ තීරණය! දිනේෂ්ගේ කමිටුව!

රනිල්ගේ තීරණය! දිනේෂ්ගේ කමිටුව!

දැනට නිලධාරි පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජනක වක්කඹුර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇතුළත්ය.

පළාත් පාලන ආයතන මඟින් ජනතාව වෙනුවෙන් කළ යුතු සියලු කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය මගපෙන්වීම මෙම කමිටුව හරහා සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කඹුර මහතා සඳහන් කළේය.

Share this: