අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අප්‍රේල් 02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පැවැත්විණි.
මහ කන්නයේ පලමු වී අස්වැන්න ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන මෙම මංගල්‍යය අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායකි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 56 වැනි වරටත් මෙය සංවිධානය කර ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවීන් රැසක් සම්ප්‍රදායික උත්සවයට සහභාගි වූයේ ස්වභාවධර්මයේ සහ තෙරුවන් සරණයි යන අපේක්ෂාවෙනි. ඔවුන්ගේ පැතුම වූයේ කලට වැසි, සරුසාර අස්වැන්නක්, රටටත් ජාතියටත් සෞභාග්‍යමත් ආර්ථිකයකි.
සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයෙන් අනතුරුව ජනාධිපතිතුමා ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
Share this: