අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඉදිරි මහ මැතිවරණයේදී අගමැති ධූරයට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් වන ලෙසයි.
තවද ඒ සදහා තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉතාමත්ම කැමැත්තෙන් ආරාධනා කරන බව ඔහු පවසයි.
තවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැතිවරණයට බියක් ඇත්නම් ගෙදරට වී සිටින ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දෙන බවයි.
දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක හමුවක් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
පසුගියදා රාජපක්ෂ රෙජිමය මැතිවරණයෙන් පරාජය කළ බවත්, මෙවර මහ මැතිවරණයෙන් රාජපක්ෂ රෙජිමය වලදමන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කර තිබේ.
Share this: