රන්මාල සොරාව අල්ලාගත් හමුදා සැරයන්වරයා!

රන්මාල සොරාව අල්ලාගත් හමුදා සැරයන්වරයා!

මාතර දෙවිනුවර සරණපාල විදුහලේ ගුරුවරියකගේ රන්මාලයක් කඩාගෙන පලායමින් සිටි පුද්ගලයෙකු අල්ලා ගැනීමට යුද්ධ හමුදා සැරයන්වරයෙකු හැකි වී තිබෙනවා. සැකකරු සමඟ රුපියල් ලක්ෂ එක හමාරක වටිනාකමකින් යුතු රන්මාලය මාතර මූලස්ථාන පොලීසිය වෙත භාරදීමට එම යුද්ධ හමුදා සැරයන්වරයා කටයුතු කර ඇත.

නිවාඩුවක් නිමවී තම සේවා ස්ථානයට පැමිණෙමින් සිටියදී මාතර නගරයේ දී මෙම සිදුවීම දැක ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන්වරයෙකුවන ජේපීආර් චන්ද්‍රමාල් මහතා පරිශ්‍රමයක් දරා අල්ලාගත් සැකකරු හා රන්මාලය මාතර පොලීසිය වෙක භාර දීමට කටයුතු කර තිබේ.

Share this: