එලබෙන මහා මැතිවරණයට කඩිනමින් සැරසෙන මහින්ද රාජපක්ෂ මහතා, අකුරැස්ස නගරයේ ඊයේ (21) ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැති රැළියකට පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අතේ ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එතන සිටි පිරිසගෙන් අප හට දැනගන්නට ලැබිණ.
පසුව ඉන් උරන වූ මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයාගේ අත ගසා දමා ඔහුට පහරදීමට ගොස් ඇති නමුත් රාජපක්ෂ මහතාගේ අරක්ෂකයින් එය වලක්වා ඇත.
පසුව කේන්තියෙන් පුපුරන්නට පටන් ගත් මහින්ද මහතාව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් එතැනින් ඉවත් කිරීමට කටයුතු කළේය.
මෙම රැළිය සංවිධානය කළේ අකුරැස්ස ශ්‍රි ලනීප සංවිධායක මනෝජ් පීරිස් මහතා වන අතර, රැළිය සඳහා රාජපක්ෂ මහතා විනාඩි 15 කට වඩා කාලයක් රැදී නොසිට පිටවගොස් ඇත.
තවද, රාජපක්ෂ මහතාගේ ඇත ඇල්ලු එම පාක්ෂිකයාව සම්බන්ද කරගැනීමට අප උත්සහා දැරු මුත් ඔහුව සොයා ගැනීමට නොහැකි විය.