රත්ගම සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි වැදී මරුට

රත්ගම සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි වැදී මරුට

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී, හික්කඩුවේ හෝටලයක පැවැති විනෝද සාදයකට සහබගිවන අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදුණු ඒ මහතා කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇත.

එහිදී ඒ මහතා මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට හික්කඩුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Share this: