රට පාලනය කරන්නේ මෛත්‍රී නොව ජනවරමක් නැති චන්ද්‍රිකා හා රනිල්

රට පාලනය කරන්නේ මෛත්‍රී නොව ජනවරමක් නැති චන්ද්‍රිකා හා රනිල්

පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ, පුලුවනම්  ගම්පහින් මැතිවරණයකට ඉදිරිපත් වී ප්‍රසන්න රණතුංගට වඩා එක් මනාපයක් ලබාගෙන පෙන්වන්නැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අභියෝග බවයි.

තවද, ඒ මහතා පෙන්වාදෙන්නේ, චන්ද්‍රිකාට වඩා මහජනතාවගේ පිළිගැනීම ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති බවයි.

තවද, චන්ද්‍රිකාට එවැනි පිළිගැනීමක් නැති බවත්, මේ නිසා ඇය මහින්ද රාජපක්ෂ මහතා බලයට කෑදර බව පවසන බවත්, මහින්දට යළි දේශපාලනයට ආරාධනා කරන්නේ දේශපාලන පක්ෂ හා ජනතාව බවත්, ගම්මන්පිල මහතා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ හරි විපක්ෂයක් තිබුණා නම් මහබැංකුවේ සිද්ධිය ගැන අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනඒමට තිබූ බවද ගම්මන්පිල මහතා පෙන්වාදුන්නේය.

රට පාලනය කරන්නේ මෛත්‍රී නොව ජනවරමක් නැති චන්ද්‍රිකා හා රනිල් බවත්, 19 වැනි ව්‍යවස්ථාව රංගනයක් බවත්, එහි අනුග්‍රහය හෙළ උරුමයෙන් බවත්, ඔහු පැවසීය.

කෙසේ වුවද වීදි සටන් කර හෝ ළඟදීම පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නව රජය පාර්ලිමේන්තුවට එකිනෙක පනත් ගෙන ආවේ වාරික ක්‍රමයට බවත්, වැඩි අවධානය ජනපති හා අගමැතිගේ බලතල ගැන පමණක් බවත්, මාධ්‍ය හමුවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

පනත් සම්මතයට සහය නොදුන්නොත් පාර්ලිමේන්තුව විසුරුවන බව අගමැතිවරයා කියන බවත්, ඔහුට එවැන්නක් කිරීමට බලයක් නොමැති බවත්, පැවසු ඒ මහතා ජනාධිපතිවරයා එවැන්නක් නොකර ඇතැම් විට විකල්ප ආණ්ඩුවක් හදනු ඇතැයිද කියා සිටියේය.

එසේම අතුරු අය වැය ඡන්දය ඉලක්ක කර දුන් ගුණ්ඩුවක් බවද, රාජ්‍ය සේවකයා රවටා ඇති බවද, ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

Share this: