රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහතික වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජය යන දෙකම බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සහතික කර ඇති අතර, එමගින් කලබල වීමෙන් සහ ඉන්ධන පිරවුම්හල් වෙත දිව යාමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් වේ.
ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග රට තුළ පවතින බවත් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ද ඊයේ (28) පෙරවරු වෙත සහතික විය.
Share this: