රට ගොඩගන්න අන්තවාදය පරාජය කළ යුතුමයි

රට ගොඩගන්න අන්තවාදය පරාජය කළ යුතුමයි

විනාශයට පත්ව තිබෙන මේ රට යළි ගොඩනැඟීම සඳහා ජාතික තලයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙසට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් කරන ලද ඉල්ලීමට අනුව පසුගිය 24 වනදා උන්වහන්සේට පූර්ණ නිදහස ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබුණි.

බොදු බල සේනා සංවිධානය මින් ඉදිරියට ඒ වගකීම ද ඉටු කරනු ලබනවා. පවතින තත්ත්වය ගැන පවතින්නේ බලවත් හිත් වේදනාවක්. ඉදිරියේ දී අපිට ඉතාම ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවී තිබෙනවා.

මේ අන්තවාදය පරාජය නොකළොත් රට විනාශවීම ස්ථිරයි. ඒනිසා මේ අන්තවාදය පරාජය කළ යුතුමයි. එසේ නොකර රටක් වශයෙන් අපට ඉදිරියට යන්න බැහැ. සංවර්ධනයක්, දියුණුවක් ලබන්න බැහැ. මේ රටේ ජනතාව විවිධ අංශවලින් දුක් විඳලා තියෙනවා. ඒ ර​ට වෙනුවෙන්. ජීවිතය පූජා කරන්නත් අපට රටක් තිබිය යුතුයි. ඒ රට රැක ගත යුතුයි.
අද (26) ශ්‍රී දළදා හාමුදුරුවන් වැඳ පුදා ගෙන මහ නායක හිමිවරුන් ද බැහැදැක අපේ ඉදිරි වැඩ කටයුතුවලට ආශිර්වාදය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා” උන්වහන්සේ කීහ.

Share this: