රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛත්වය දී ඇති බවත් රට අරාජික වීමට ඉඩ නොතබමින් නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත් රොටරි සමාජ දිස්ත්‍රික් 3220 සංවිධානය කළ 32 වැනි රොටරි ප්‍රජා රැස්වීම අමතමිනි.
රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා වසර අවසන් වන විට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව ක්‍රියාත්මක කරන සමාජයක් රට තුළ ස්ථාපිත කරන බවට ද ප්‍රතිඥා දුන්නේය.
ඊට අමතරව රටේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමෙන් පසු ජනතාවට පීඩාවක් නොවන බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා සියලු තීන්දු තීරණ රජය විසින් ගනු ලබන බව ද ප්‍රකාශ කළේය.
Share this: