.
රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ගම්පොලදී ප්‍රකාශ කරයි.
අතිගරු ජනාධිපති තුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව සියලු ගම් බිම් වල ඇති මුලික අවශ්‍යයතා සම්පුර්ණ කිරීම වැඩ පිලිවල යටතේ ගම්පොල ප්‍රාදේශීයේ විශේෂ ජල ව්යාපෘති කීපයක් වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ආරාධනයෙන් ග්‍රාමීය හා දේශීය පානිය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්දන රාජ්‍යය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021/03/21 දා ආරම්භ කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කරමින් ගුරුකැලේ ගම , සොගමා ගම , මෙල්ෆට් වත්ත , නිව් මෙල්ෆට් වත්ත , බී.එෆ් වත්ත ,මිහින්දෙණිය ගම යන ගම්මානවල ජල ව්යායපෘති ආරම්භ කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 150කට අධිකාරිය ප්ර මාණයක් ඇස්තමේන්තුගතකර ඇති අතර මෙමගින් පවුල් 3500කට අධික ප්රජමාණයකගේ පානීය ජල ගැටලුව විසදේ.
එහිදී අදහස් දැක්වූ අනුරාධ ජයරත්න මහතා …
රටේ ජනතාවගේ මූළිකත ගැටළු ටික සම්පූර්ණ කරන්න බැරිනම්,ලයිට් ටික වතුර ටික දෙන්න බැරි නම් ඇති වැඩක් තියෙනවද…..එක තේරුම් ගත්ත නිසා තමයී ගෝඨාබය ජනාධිපති තුමා බිම් මට්ටමේ ඉඳල වැඩ කරන්න “ගම සමග පිළිසරණක්” තුලින් ඔබේ ගමටම එන්නේ.එහිදී ගමෙන් ලැබෙන අදහස් තමයි රාජ්‍ය ආමාත්‍යශයේ යෝජනා විදිහට ක්‍රියාත්මක වෙන්නේ යැයි රාජ්යා අමාත්ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
කෙරෝනා ව්යා්සනය එක්ක අපේ රටේ හැම පැත්තක්ම කඩා ගෙන වැටිලා. සංචාරක ක්ෂේත්රනයේන් රජයට ලැබෙන ආදායම් එහෙම්පිට්න්ම නැතිවෙලා. රජයට ලැබෙන ආනයන බදු මුදල් සේරම අහිමි වෙලා.නමුත් එහෙමයි කියල ජනාධිපතිතුමාවත් අගමැතිතුමවත් රටේ සංවර්ධන කාර්ය නතර කලේ නෑ.
නමුත් කොරෝනා නෙවෙයි මොන ව්යැයසන තිබ්බත් සංවර්ධ වගේම ජනතාව බලාපොරොත්තු වන සියලු කාරණා ඉදිරියට ගෙනියන්න රජයක් විදියට ජනාධිපතිතුමත් අගමැතිතුත් කටයුතු කරන බව ඔබ සියලුම දෙනාට මා මතක්කර සිටිනවා .
විපක්ෂය මේවා ගැන විවිධ මතවාද හදනවා.සමහර විපක්ෂ දේශපාලන කණ්ඩායම් විවිධ මතවාද හදනවාට සමහරු විවිධ දේවල් කියන්න උත්සහ කළා. අධීවේගී මාර්ගයක් හදනකොට ගහක් පෙන්නලා කිව්වා. අධිවේගී මාර්ගය නතර කරන්න කියලා. ඒක වෙනස් කරන්න බිලියන 88ක් යනවා.
මේ සල්ලි ජෝන්ස්ටන් ප්රටනාන්දු ඇමැතිතුමාගේ සාක්කු වෙන් එන සල්ලිද? අපේ සාක්කුවෙන් එන සල්ලිද නැහැ. මේවා අපේ මහජනතාවගේ සාක්කුවෙන් එන සල්ලි.
අද ඔය කියන විදිහට කටයුතු කළා නම් පොල්ගොල්ල, රන්ටඹේ රන්දෙණිගල, කොත්මලේ, කියන එක ජලාශයක්වත් ඇත්තේ නෑ.
අපි පරිසරයට ආදරය කරන මිනිස්සු. හැබැයි කවුරු හරි කියනවනම් එකම ගහක්වත් කපන්නේ නැතිව පාරවල් හැදෙන්න ඕන කියලා ඒ කියන උන්දැලා එදා හිටියනම් අද මේ විදිහට පාරවල් ලොකු කරලා කාපට් කරන්න වෙන්නේ නෑ. එයාල කියන විදිහට මේ රට හදන්න පුළුවන් කමක් නෑ.
ඔය කියන සංවර්ධනය ඒ අය කලෙත් නැ..කරන කෙනාට අකුල් හෙලනවා.කවුරු මොන මොන වැරැදී ප්රලචාර ඇරියත් අපේ මේ ශ්රීන ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේ රට සංවර්ධනය වන එක,ගම සංවර්ධනය වන එක කිසිම කෙනෙකුට නවත්වන්නට බෑ…