රටට ඕනෑ කම්මු­තු­ ක­රන්නෙක් නොවෙයි – අග­මැති

රටට ඕනෑ කම්මු­තු­ ක­රන්නෙක් නොවෙයි – අග­මැති

පොහො­ට්ටුවේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ටර්මි­නේ­ට­ර්ව­ර­යෙක් හෙවත් කම්මුතු කර­න්නෙක් බවට බැසිල් රාජ­පක්‍ෂ මහතා මාධ්‍ය සාක­ච්ඡා­ව­කදී ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙන අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා අද රටට අවශ්‍ය අනා­ග­තය කම්මුතු කර­න්නෙකු නොව, අනා­ග­තය සුර­ක්‍ෂිත කර­න්නෙකු බව පෙන්වා දෙයි.

එසේම මාධ්‍ය නිද­හස කම්මු­තු­ක­රු­වකු යටතේ සුරැ­කී­මට හැකි­වේ­දැයි අග්‍රා­මා­ත්‍ය­ව­රයා ප්‍රශ්න කර සිටී. අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පළාත් පාලන ආය­ත­න­වල මහ­ජන නියෝ­ජිත හමු­ව­කදී ඒ බව පැවසූ අග්‍රා­මා­ත්‍ය­ව­රයා පසු­ගිය වසර කිහි­පය තුළ ආණ්ඩුව දැඩි අප­හ­සුතා මධ්‍යයේ ගොඩ­නැගූ සංව­ර්ධ­න­යත් රටත්, විනාශ කරන කම්මු­තු­ක­රු­වෙ­කුට බාර නොදී රටත්, අනා­ග­ත­යත් ආරක්ෂා කර­ගන්නා ලෙස සියලු පාර්ශ­ව­ය­න්ගෙන් ඉල්ලා සිටී. කම්මු­තු­ක­රු­වෙ­කුට රට භාර දීමෙන් වැළකී රටත් ජන­තා­වගේ අනා­ග­ත­යත් ආරක්ෂා කිරීම වෙනු­වෙන් ක්‍රියා­ක­රන ලෙස ද අග්‍රා­මා­ත්‍ය­ව­රයා මෙහිදී ඉල්ලා සිටි­යේය.

Share this: