ජාත්‍යන්තරය නව රජය කෙරෙහි තබා ඇත්තේ දැඩි විශ්වාසයකි.
එම විවාසය රටේත් ජනතාවගේත් සංවර්ධනය උදෙසා උපරිමයෙන් යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තවද, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, කලාපයේ රටවල පමණක් නොව සමස්ථ යුරෝපයේම සහයෝගය අද ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත්, පසුගිය රජයට වඩා විශාල සහයෝගයක් නව රජයට ජාත්‍යන්තරයෙන් හිමිවන බවත් ය.
ජනාධිපති මෛත්රීයපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ, පොළොන්නරුව මහ රෝහලේ ඉදිකරන ලද නව රුධිර මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදිමේ උත්සවයට එක් වෙමිනි.
තවද නව තාක්ෂණික ලෝකයේ වාණිජ සමාජය සමඟ ඉදිරියට යාමට ජාත්‍යන්තරයෙන් ලබාගත හැකි සෑම සහයෝගයක්ම ලබාගන්නා බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Share this: