රජය විසින් ලංවිම අහෝසි කර කෑලි 8කට කඩා කොම්පැනි 8කට දෙන්නයි හදන්නේ!

රජය විසින් ලංවිම අහෝසි කර කෑලි 8කට කඩා කොම්පැනි 8කට දෙන්නයි හදන්නේ!

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර රජයට අයත් නව සමාගම් අටක් පිහිටුවන ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව රජයට නිර්දේශ කර ඇත.

2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කිරීමේ නව පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමට විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීම පිළිබඳ කමිටු වාර්තාවක් ඉදිරිපත් කළ අතර, ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අලුතින් ආරම්භ කිරීමට නියමිත සමාගම් 8 අතර විදුලි උත්පාදන සමාගම් 2ක්, විදුලි සම්ප්‍රේෂණ සමාගම් 2ක් සහ විදුලි බෙදාහැරීමේ සමාගම් 4ක් පිහිටුවීමට යෝජිතය.

Share this: