රජයේ රෝහල්  අදත් අඩපණයි

රජයේ රෝහල් අදත් අඩපණයි

සමස්ථ ලංකා සුව සේවා සංගමය පවසන්නේ, වැඩ වර්ජනය අද(27) දිනයේදීත් ක්‍රියාත්මක කරන බවයි.

තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේය.

අදාළ වර්ජනය ඊයේ දිනයේද ක්‍රියාත්මක වුනු අතර, මේ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටි බව සඳහන් විය.

වර්ජනයේ නිරත ආදේශක අනියම් සෞඛ්‍ය සේවකයන් සේවය අතහැර ගිය සේ සළකා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ පස්වරුවේ එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් දහසක දීමනාවක් කාර්ය මණ්ඩල සේවකයින්ට ලබා දීම සඳහා අනුමැතිය ලැබී තිබියදීත් වර්ජනයේ නිරත සේවකයින්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Share this: