රංජන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

රංජන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත. ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව මෙසේ අත්හිටුවා ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

තාවකාලිකව පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ රංජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධව නාම යෝජනා කමිටුව තීරණය කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අද (14) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසීය.

එමෙන්ම තාවකාලිකව අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කර ඒ පිළිබඳ ඉදිරියේදී තීරණය ගැනීමට නියමිත බවද සඳහන් කළේය.

Share this: