රංගනගේ තුවාලයෙන් වාසි ගන්න සීක්කුගේට අවස්ථාවක්.

රංගනගේ තුවාලයෙන් වාසි ගන්න සීක්කුගේට අවස්ථාවක්.

ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා රංගන හේරත් වෙනුවට සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

ඒ, දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් විවේක ගන්වා තිබීම හේතුවෙනි.

පසුගියදා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති තරගයේදී 49 වන පන්දුවාරය යවමින් සිටියදී පන්දුව අතේ වැදීමෙන් රංගන හේරත් ආබාධයට ලක් විය.

Share this: