යෝෂිත රාජපක්ෂ නැවත නාවික හමුදා මූලස්ථානයට..

යෝෂිත රාජපක්ෂ නැවත නාවික හමුදා මූලස්ථානයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි යළි නාවික හමුදා මූලස්ථානයට මාරුකර යවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ඉකුත් පෙබරවාරි මස 25 වන දිනයේ  ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා පෙබරවාරි මස 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට  අනියුක්ත කර තිබිණි.

කෙසේ වෙතත් මේවන විට ඔහු යළිත් මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදා මූලස්ථානයට මාරුකර යවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටියි.

Share this: