විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, යේමනය තුළ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් අද(30) දිනය තුළ බේරා ගැනිමට හැකිවනු ඇති බවයි.
රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙකු පමණ මේ වනවිට යේමනයේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් එරට සිරවී සිටින බව වාර්තා වෙයි.
තවද, පසුගිය දින කිහිපය තුළ විදේශ අමාත්‍යංශය විසින් මොවුන් බේරා ගැනිමට අවශ්‍ය පියවර ගනිමින් සිටිය අතර, කෙසේවෙතත් අන්තර් ජාතික සංක්‍රමණිකයින් පිළිබඳ ආයතනය විසින් මෙම ශ්‍රී ලාංකිකයින් බේරා ගැනිමට අවශ්‍ය පියවර ගනු ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වනවිට යේමනයේ ප්‍රධාන ගුවන්තොටුපළ වසා දමා ඇත. ඒ බැවින් අදාළ ශ්‍රී ලාංකිකයින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව මෙම පිරිස ඉන්දියාව හරහා මෙරටට ගෙන්වා ගැනිමට කටයුතු කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.