යේමනයේ ශ්‍රී ලාංකිකයින් චීන ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට පියවර

යේමනයේ ශ්‍රී ලාංකිකයින් චීන ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට පියවර

යේමනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගැනේ.

ඒ අනුව එම ශ්‍රී ලාංකිකයන් අද(03) දිනයේදී චීන ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් කොට ඇතැයි බීබීසී සංදේශය වාර්තා කරයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව දැනුම් දී ඇති බව එම කටයුතු සම්බන්ධීකරණය කරන යේමනයේ සේවයේ නිරත උජාල පෙරේරා මහතා පවසා ඇත.

ශ්‍රී ලංකා රජය ආධාර කරන ලෙස කළ ඉල්ලීමකට අනුව චීන රජය මෙලෙස යහපත් ප්‍රතිචාරයක් පලනර තිබේ.

චීන ගුවන් යානයක් යේමනයේ සනා අගනුවරට පැමිණෙන බවත් එහි ශ්‍රී ලාංකිකයන් සඳහා ඉඩ වෙන් කොට ඇති බව දන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

මීට පෙර කලින් ඉන්දීය ගුවන් යානා මගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමට සැලසුම් කොට තිබුනත් එම යානා වලට සනා අගනුවරට ගොඩ බෑමට අවසර ලැබී නොමැත.

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ තවත් රටවල් රැසක් යේමනයේ කොටු වී සිටින ඔවුන්ගේ රටවැසියන් ඉවත් කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටී. ඊජිප්තුව ,ඉන්දියාව ,පාකිස්තානය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් ඒ සඳහා පියවර ගනිමින් ඇති බව වාර්තා වේ.

ලංකාපුවත්

Share this: