මානුෂිය ආධාර වශයෙන්, නැගෙනහිර වෙසෙන ජනතාවගේ ජිවන තත්ත්වය නඟා සිටුවිම සදහා යුරෝපා සංගමය විසින් රු. මිලියන 36ක් ලබාදීමට තීරණය කර තිබේ.
මෙලෙස ආධාර ලබා දීමට තීරණය කර අතේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහනයක් සඳහන්ය.
මෙරට යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව රුපියල් මිලියන 36ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.
මීට අමතරව ගංවතුර හේතුවෙන් සිය වගාවන් විනාශ වු ගොවින්ට මීළඟ කන්නයේදී වගා කිරිම සඳහා අවශ්‍ය බීජ වර්ග ලබදීමටද නියමිත බව එම නිවේදනය මඟින් සඳහන් කර ඇත.
1994 සිට මේ දක්වා යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 166කට වැඩි ආධාර ලබා දී ඇති බව පැවසේ.
Share this: