බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක සහ විපක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් පවසන්නේ, ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බලකරන බවයි.
ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පූර්ණ සහ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවඔහු පෙන්වා දෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බ්‍රිතාන්‍ය දෙමළ ප්‍රජාව වෙත පණිවිඩයක් නිකුත් කරමිනි,
එඩ් මිලිබෑන්ඩ් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඔහු එම පණිවිඩයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
තවද කම්කරු පක්ෂය සෑම විටම දෙමළ ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ද බ්‍රිතාන්‍ය විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා ඇත.
Share this: