යුධ අපරාධ යනු කුමක්දැයි ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය වෙත පැහැදිලි කරමින් ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවත් කල නොහැකි බවත් ඔවුන්ට කල හැකි වන්නේ නිව්යෝක් නුවර තියෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට වාර්තාව යොමු කිරීමක් පමණක් බවයි.
“යුධ අපරාධයක් කියන්නේ ජිනිවා සම්මුතින් බරපතල ලෙස උල්ලංඝනය කිරීමයි. ජිනිවා සම්මුතින් ඇති කර තිබෙන්නේ මුළික වශයෙන්ම යුද්ධයකදී කොහොමද මනුෂයින්ව ආරක්ෂා කරන්නේ යුද්ධයට මැදිහත් නොවන. ඒවාට අපි කියනවා අන්තර්ජාතික මානුෂිකවාදි නීති කියලා. ඒ කියන්නේ ජිනිවා සම්මුතින් 1949 සිට අද දක්වා 4 ක් තියෙනවා. වැදගත් දේ තමයි මේ ජිනිවා සම්මුතින් උල්ලංඝණය කරන්නේ මොන අවස්ථාවේද, එහි ඇති දේ බරපතල ලෙස මේ රටේ තියෙන නීතිය වෙන්න පුළුවන්, සිරිත් උල්ලංඝණය යුද්ධයක, මේක අභ්‍යන්තර යුද්ධයක් වෙන්නත් පුළුවන්. අන්තර්ජාතිකව රටවල් දෙකක් අතර ඇති වන යුද්ධයක් වෙන්නත් පුළුවන්.
අද මේවා රෝම සම්මුතියෙන් දක්වලා තියෙනවා. මේ රෝම සම්මුතිය අනුව යුද අපරාධයක් සිදු වුණාට පස්සේ ඒ සදහා සාක්ෂි සොයලා ඒ නඩු විභාගය නේදර්ලන්තයේ හේග් නුවර පවත්වලා තමයි දඩුවම් දෙන්නේ සිර මැදිරි තියෙන්නේ.
මුලික වශයෙන්ම බරපතල ලෙස ජිනිවා සම්මුතින් උල්ලංඝනය කිරීම් යටතේ රෝම සංස්කෘතියෙන් මේවා තමයි දක්වලා තියෙන්නේ යුධ අපරාධ ලෙස. මිනිමැරිම, දරුණු වදහිංසා දීම, කෘෘර අමානුෂික සහගත ලෙස සැලකීම, යටත් කර ගැනීමෙන් අධිග්‍රාහණය කර ගැනීමෙන් හානි සිදු කිරීම,චේතනාත්මකව සිවිල් පුරවැසියන්ට එරෙහිව පහර දීම්, චේතනාත්මකව ආගමික මධස්ථාන සහිත ගොඩනැගිලි, අධ්‍යාපන ගොඩනැගිලි, කලාව,විද්‍යාව, ඓතිහාසික මධ්‍යස්ථාන,රෝහල්වලට, පුණ්‍ය ආයතනවලට කරන ලද පහර දීම්, යුද්ධය මත ස්ත්‍රි දුෂණය, ලිංගික වහල්භාවයට ගැනීම,බලහත්කාරයෙන් ගර්භනි කිරීම, දරුණු ලිංගික වදහිංසා ලබා දීම, බාලවයස්කරුවන් අවුරුදු 15 ට වඩා අඩු අය යුද්ධයට බඳවා ගැනීම වැනි දෑ යුද අපරාධ ලෙස හදුන්වනු ලබයි.
දැන් මුළික වශයෙන් ලංකාවට එරෙහිව යුධ අපරාධ ලංකාවේ සිදු කළා යැයි කියා 2014 වසරේදී මාර්තු මාසයේ 26 වනදා අමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා. දැන් ඒ යෝජනාවට අනුව ඒවා කරලා තියෙනවාද නැද්ද කියලා බලන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් 12 කුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ සදහා අන්තර්ජාතික විද්වතුන් තිදෙනෙකුද සිටිනවා. මේ අය සිදු කරනුයේ සාක්ෂි සොයන එකයි. නමුත් ලංකාවට පැමිණෙන්නේ නැතිව ලංකාවෙන් පිටත සිට සාක්ෂි සොයලා ඒ සාක්ෂි වලින් තමයි මුළික වශයෙන්ම හොයාගෙන ඒ වාර්තාව දැන් හදලා තියෙන්නේ.
ඒ හදලා තියෙන වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට මුකුත් කල නොහැකි බවත් ඒ අයට කල හැකි එකම දේ තමයි නිව්යෝක් නුවර තියෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරන එකයි. ආරක්ෂක මණ්ඩලයට යොමු කලාට පස්සේ ආරක්ෂක මණ්ඩලය තමයි ඉදිරි පියවර ගන්නේ. එතකොට මේවා තමයි යුධ අපරාධ කියන්නේ. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 ක් සිටිනවා. එහි එක්කෙනෙක් හරි භාවිත කලොත් මුළික වශයෙන් නිශේධ බලය භාවිත කලොත් මේවා ඉදිරියට යන්නේ නෑ. ඒවට ඕන තරම් අවස්ථාව ලෝක ඉතිහාසයේ තියෙනවා.“