යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසන්නේ, මිරිහාන ප්‍රදේශයේ සිද්ධියට අදාළව හමුවූ ගිනි අවිය සහ වෑන් රථය මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාට අනියුක්තව තිබූ භාණ්ඩ බවයි.
ඒ අනුව ඒ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, එම අවස්ථාවේදී හමුවූ ගිනි අවිය මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා අවුරුදු 15ක කාලයක සිට භාවිතා කරන බවයි.
කෙසේ වෙතත් මෙම කාරණයට හැර අදාළ ගිනි අවිය සහ වෑන් රථය මීට පෙර විනය විරෝධී කටයුතු වලට යොදවාගෙන නොමැති බවට තොරතුරු පවතින බව සදහන්වේ.
තවද යුද හමුදා මූලස්ථානය විසින් සිදුකරන පරීක්ෂණ වලදී යම් විනය කඩකිරීමක් සිදුවූවේයැයි අනාවරණය වුවහොත් අදාළ ජ්‍යේෂ්ඨ නිලධාරියා වගකිව යුතු බවත් ඒ මහතා එහිදි පවසූහ.
මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යාංශ තුළ සේවය කරන වගකිව යුතු නිලධාරියෙකු බව හෙතෙම පෙන්වා දුන් අතර, මෙම සිදුවීම දේශපාලන හුවාදැක්වීමක් ලෙස පෙන්වා දීමට ඇතැම් අවස්ථාවලදී සිදුවනු ඇති බවත්, එසේම දේශපාලන සිදුවීමකට මෙම ක්‍රියාව සම්බන්ධයක් නොමැති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.