යුක්‍රේනයේ මිලියන 9කට විදුලිය නැහැලු!

යුක්‍රේනයේ මිලියන 9කට විදුලිය නැහැලු!

යුක්රේනයේ මිලියන 9 ක පමණ ජනතාවකට විදුලිය නොමැති බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා 12/26 වෙනිදා රාත්‍රියේ එම පුවත ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රුසියානු ප්‍රහාරයන් හමුවේ බලය පවත්වාගෙන යාමේ ගැටළු මතුව ඇති බවයි.

එරට විදුලිබල සේවකයන් ජාල අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදුලිය හිඟය පැවතියද විදුලිය විසන්ධි වන කාලසීමාව ක්‍රමයෙන් අඩුවන බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Share this: