යාපනයේ සිට බෝ අංකුරයක් රැගෙන එන සහාදේවන් ඇතුළු පිරිස කැලණියේදී ගෞරවයෙන් පිළිගනී .

යාපනයේ සිට බෝ අංකුරයක් රැගෙන එන සහාදේවන් ඇතුළු පිරිස කැලණියේදී ගෞරවයෙන් පිළිගනී .

යාපනයේ සිට බෝ අංකුරයක් රැගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනක් යන සහාදේවන් ඇතුළු දෙමළ ජාතිකයින් පිරිසට 22 දා කැළණියේදී ඉමහත් ගෞරවයක් මහා සංඝ රත්නයෙන් ලැබුණු බව සහාදේවන් මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු මහා සංඝ රත්නය තම කණ්ඩායම ඉතා ගෞරවයෙන් පිළිගෙන කැළණිය රජ මහා විහාරයේදී සෙත් පිරිත් සජ්ඣායනය කොට ආශිර්වාද කළ බව කී සහාදේවන් මහතා මේ සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමු වී උතුරේ දෙමළ වැසියන්ගේ සහය එම දෙපලටත් රජයටත් ලබා දෙන බව කියවෙන පණිවුඩය ඔවුන් දෙදෙනා අතට පත් කොට එහි සංකේතයක් වශයෙන් බෝ අංකුරය බාර දෙන බවද පැවසීය.

සහාදේවන් මහතා ඇතුළු පිරිස මෙම සාම පාද යාත‍්‍රාව ආරම්භ කරන ලද්දේ පසුගිය 11වැනිදා යාපනයේ දඹකොළ පටුන විහාරස්ථානයේ සිටය.

Share this: