පසුගියදා තලාහේන ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලංගම පොලිසියට අඟහරුවාදා (මැයි 23) ලැබුණු තොරතුරක් මත වැල්ලපල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
යාචකයෙකු ලෙස පෙනී සිටි සැකකරු 54 හැවිරිදි පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා සිටීමේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් දේශීය වෛද්‍යවරයාට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.
ඔහු මැයි 24 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share this: