යාචකයින් කොළඹ වනසති

යාචකයින් කොළඹ වනසති

මේ වන විට යාචකයින් තැන තැන අපිරිසිදු කිරීම නිසා කොළඹ නගරයේ පදික වේදිකාවේ ගමන් කිරීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජනතාව පවසති.

කොල්ලූපිටිය, බම්බලපිටිය, මරදාන, පුංචි බොරැල්ල, පංචිකාවත්ත, පිටකොටුව, හෙට්ටිවීදිය, ගුණසිංහපුර, කොටුව, බැස්ටියන් මාවත, කොම්පඤ්ඤවීදිය, ලිප්ටන් වටරවුම සහ කොළඹ නගර සභාව අවට සිගමන් යදින යාචකයෝ පදික වේදිකාවේම ජීවත් වෙන අතර, ඉන් වැඩි පිරිසක් කැසිකිළි, වැසිකිළි යන්නේ ද පදික වේදිකාවේය.

එම නිසා මේ වන විට ඉතාමත් අපිරිසිදු තත්ත්වයෙන් ජීවත්වන මෙම පිරිස හේතුවෙන් ජනතාවට පදික වේදිකාවට තුළින් ගමන් කිරීමට නොහැකි වී ඇත.

ඔවුන් තමන්ගේ ඇදුම් ඇතුළු අනිකුත් භාණ්ඩ සගවනු ලබන්නේ ද පදික වේදිකාවේ තිබෙන ගස්වල අතුරිකිලි හා මුල් තුළ වීම විශේෂයකි.

Share this: