යළි පැටලුන බ්‍රිතාන්‍ය සහ චීනය!

යළි පැටලුන බ්‍රිතාන්‍ය සහ චීනය!

බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලයේ සිටි චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් 06 දෙනෙකු චීනය විසින් යළි කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම මෙහි පසුබිමයි.

ඔක්තෝම්බර් 16 වෙනිදා, හොංකොං විරෝධතාකරුවෙකු මැන්චෙස්ටර් හි චීන කොන්සල් කාර්යාලයේ පරිශ්‍රයට ඇදගෙන ගිය පිරිසක් ඔහුට පහර දුන්හ.

බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය චීන නියෝජිතයෙකුට මේ සම්බන්ධයෙන් විමසීමට කටයුතු කල බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අදාළ ප්‍රහාර කිසිසේත් පිළිගත නොහැකි බැවින් චීන කොන්සල් ජනරාල්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු රටින් පිටත් කර හරින බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නමුත් චීනය පැවසුවේ කොන්සල් ජනරාල්වරයා පෙර උපදෙස් අනුව නැවත චීනයට පැමිණි බවයි.

Share this: