යහ පාලනයෙන් රත්තරං පොල්ලක්…… වගකියන්නේ අගමැතිද? මුදල් ඇමතිද?

යහ පාලනයෙන් රත්තරං පොල්ලක්…… වගකියන්නේ අගමැතිද? මුදල් ඇමතිද?

receiptපසුගිය ජනාධිපතිවරන සමයේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද වේදිකවේ දුන් ආකර්ශනීය පොරොන්දුවක් වුයේ මේ වන විට උගස් තබා ඇති රත්‍රං භාණ්ඩ වල පොළිය කපා හැර උගසින් බේරා ගැනීමට අවස්ථාව දෙන බවයි.

ඒ බව තහවුරැ කරමින් වර්තමාන රජය ගෙන ආ අතුරු අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරැණානායක මහතා පැවසුවේ, ලක්ෂ 2ට අඩු රන් ණය වල  පොළිය කපා හරින බවයි.

මෙය දැනගත් ජනතාව දිගින් දිගටම රාජ්‍ය බැංකු වෙත පැමිණෙමින් හා දුරකථනයෙන් අමතමින් මේ ගැන විමසීම් කලත්, තවම චක්‍ර ලේඛනය නිකුත් වි නැති බවයි බැංකු ප්‍රකාශකයන් පවසා සිටියේ.
තවද රජය කියා සිටියේ ලබන අප්‍රේල් දක්වා රත්රන්  භාණ්ඩ වෙන්දේසි නවත්වා ඇති බවයි.(අප්‍රේල් මාසයේ ඡන්දයක් එන බවට රාවයක් පැවතිනි)

නමුත් දැන් ජාතික ඉතිරි කිරිමේ බැංකුව විසින් සමහර ගනුදෙනු කරැවන් වෙත ලිපියක් යවමින් පොලිය 6% ක ප්‍රමාණයක් කපා හැර ඇති බවත්, ඉතිරි 12% ගෙවා උගස් පත්‍රිකා අලුත් කර ගන්නා ලෙසත් දන්වා ඇත.

මෙම ලිපි යවා ඇත්තේද කල් ඉකුත් වු උගස් පත්‍රිකා සදහා නොව කල් ඉකුත් වීමට තවත් මාස කිහිපයක් ඉතිරිව ඇති උගස් පත්‍රිකා වෙත වීමද වීශේෂත්වයකි.
මෙම ලියුම්කරැ ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ නියෝජිතයෙකුගෙන් මේ පිළිබදව විමසීමේදි පැවසුවේ, ගනුදෙනුකරැවන් සියයට 10කටත් අඩු ප්‍රමාණයකට මෙම ලිපි යවා ඇති බවයි. ගනුදෙනු කරැවන් පොළිය නොගෙවා බලා සිටියේ කෙසේ හෝ රත්‍රං භාණ්ඩ බේරා ගැනිමේ අදහසිනි.
නමුත් දැන් අමාරැවෙන් මාස 12 ක පොලිය ගෙවා උගස් පත්‍රිකා අලුත් කර ගන්නා ගනුදෙනු කරැවන් හට සිදුව ඇත්තේ,  පොලිය කපන  තෙක් බලා සිිටි කාලයටත් පොලිය සොයා ගැනීමටය.

මෙය යහ පාලන ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුවක් අමු අමුවේම  උල්ලංගනය කිරීමකි. ඡන්දය දුන් ජනතාව රැවටීමකි.

සැකසුම : සී.එදිරිමාන්න

Share this: