“යසෝරපුර ධම්මි” හෙරොයින් සමඟ අත්අඩංගුවට

“යසෝරපුර ධම්මි” හෙරොයින් සමඟ අත්අඩංගුවට

“යසෝරපුර ධම්මි” යන අන්වර්ථ නාමයෙන් ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්තිඩිය, යසෝරපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Share this: