යලිත් මට සාමාජිකත්වය දෙනවා කිවුවා

යලිත් මට සාමාජිකත්වය දෙනවා කිවුවා

පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බි.ඒකනායක මහතා පැවසුවේ, තමන්ට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය ලබාදෙන බවට වාචිකව පොරොන්දුවක් ලබා දී ඇති බවයි.

පසුගිය දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ටී.බී.ඒකනායක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉවත් කරන ලදී.

නමුත් මේ පිළිබඳව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන අවස්ථාවේ යළි එම තනතුර ලබාදෙන බවට මහලේකම්වරුන් විසින් ප්‍රකාශ කර ඇති බව ටී.බී.ඒකනායක මහතා සඳහන් කළේය.

තවද, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (13) හෝමාගම නගරයේ උද්ඝෝෂණයක් ද පැවැත්වුණි.

ඊයේ උදෑසන 10යේ සිට පැයකට අධික කාලයක් මෙම උද්ඝෝෂණය පැවති බව සඳහන්ය.

උද්ඝෝෂකයින් මෙහිදි සඳහන් කළේ බන්දුල ගුණවර්ධන වැනි පුද්ගලයින් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ රැඳී සිටිය යුතු බවයි.

Share this: