පොලිස් නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කැලණිය කොට්ඨාශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අදාළ සිද්ධිය සිදුව ඇත්තේ බදාදා (මැයි 24) පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු යතුරුපැදියක් පදවන්නන් හිස්වැසුම් නොපැළඳීම හේතුවෙන් නැවතීම නිසා මෙම පහරදීම සිදුවී ඇත.
පොලිස් නිලධාරියා විසින් යතුරුපැදිය නැවැත්වීමෙන් පසු එම ස්ථානයට පැමිණි කාන්තාවක් අදාළ නිලධාරියාට පහර දී ඇති බව පොලිසිය අනාවරණය කළේය.
මේ අනුව, පෑලියගොඩ, පට්ටිය ප්‍රදේශයේ පදිංචි 51, 22 සහ 20 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා මැයි 25 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
Share this: