යතුරුපැදිකරුට පහරදී මුදල් කොල්ලකති

යතුරුපැදිකරුට පහරදී මුදල් කොල්ලකති

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ග‍ලයෙකුට පහරදී ඔහු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකතනයක් පැහැර ගෙන ඇත.

මෙම සිදියට සක කරන ත්‍රී‍රෝද රථ රියදුරන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව පුත්තලම පොලීසිය පවසයි.

පුත්තලම – නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රී 7.30 ට පමණ මෙම කොල්ලය සිදුවී ඇත.

තමන් ගමන් කරමින් සිටි යතුරුපැදිය නැවැත්වූ කොල්ලකරුවන් තමා අත තිබූ රුපියල් 51,200 මුදලක් සහ රුපියල් 3000 ක් වටිනා ජංගම දුරකථනය කොල්ලකෑ බව පුත්තලම – පොත්තුවිල්ලුව පදිංචි ශන්මුගම් තිරුචන්ද්රපන් (අවු:44) යන අය පොලීසියට පැමිණිලි කර ඇත.

තමාගේ මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑ අය හඳුනන බවත්, ඔවුන් ත්‍රී රෝද රථ රියදුරන් බවද පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා ඇති අතර, මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Share this: