යක්කලමුල්ල ප්‍රදේශයේ අද(19) උදෑසන 11.30ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් දරුවෙක් ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා ඇත.
එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 3ක් වයසැති දරුවෙක් බවද වාර්තා වෙයි.
යතුරුපැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
Share this: