මෝය කටේ මසුන් මරන්න ගිහින් අතුරුදහන්

මෝය කටේ මසුන් මරන්න ගිහින් අතුරුදහන්

බිලී පිත්තක් උපයෝගී කරගෙන හලාවත මෝය කටේ මසුන් මැරීමට ගිය අයෙකු මුහුදු රළ පහරට හසුවී ගසා ගෙන ගොස් අතුරුදහන් වී තිබේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ, ඊයේ (08)රාත්‍රී 11.00 ට පමණ වන බව පවසේ.

අතුරුදහන්වී ඇත්තේ හලාවත,කාක්කපල්ලිය – බණ්ඩරවත්ත පදිංචිව සිටි පියුමාල් ශිරාන් ප්‍රනාන්දු (අවු:43) නම් අයෙකි.

මෙලෙස අතුරුදහන් උණු පුත්ගලයා තවත් මිතුරන් කීප දෙනෙකු සමග දැදුරුඔය මුහුදට වැටෙන මෝය කටේ බිලී පිත්තක් උපයෝගී කරගෙන මසුන් මැරීම සඳහා ගොස් ඇත.

එක් වරම පැමිණ ඇති රළ පහරකට හසුවී ඔහු මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර දෙවැනි රළ පහරත් සමගම මුහුදට වැටුණු තම මිතුරා නොපෙනී ගිය බව ඔහු සමග එකට සිටි මිතුරන් පවසා තිබේ.

මුහුදු රළ පහරට හසුවී ගසා ගෙන ගිය අය සොයා මෙහෙයුමක් අද (09)අළුයම නාවුක හමුදාවේ සහාය ඇතිව ආරම්භ කරන බව හලාවත පොලීසිය කියා සිටියි.

Share this: