ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඇය ලබන 6 සහ 7 යන දෙදින තුල මෙරට රැඳී සිටිනු ඇත.
තවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මාර්තු මස 13 වන දින දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
සුෂ්මා ස්වරාජ් මහත්මියගේ මෙරට සංචාරයේ අරමුණ වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳව මූලික සාකච්ඡා සිදුකිරීම බව සදහන් වේ .
ඉන්දීය විදේශ අමාත්‍යවරිය මෙරට රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර ලබන 13 වනදා දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දින 03ක් මෙරට රැඳී සිටීමට නියමිත අතර ඔහු උතුරු ප්‍රදේශයේ මෙන්ම අනුරාධපුර සහ මහනුවර යන ප්‍රදේශවල ද සංචාරය කරනු ඇත.
Share this: