මෝඩි – මහින්ද හමුවීමේ වැයමක්

මෝඩි – මහින්ද හමුවීමේ වැයමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට මෙරටට‍ පැමිනිමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ගේ මෙම සංචාරදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත වාර්තා කරන්නේ එවැනි හමුවකට අවශ්‍ය පරිසරය කොළඹ සැකසෙමින් පවතින බවයි.

තවද හිටපු ජනාධිපතිවරයා හෙට කොළඹ ප්‍රදේශ‍යේ රැඳී සිටීමට නියමිත බවද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ලේකම් එස්. ජායිසන්කර්ගෙන් විමසූ විටදී ඔහු පවසා ඇත්තේ එවැන්නක් ගැන තමන්ට මෙතෙක් දැනුම්දී නැති බවයි.

කෙසේවෙතත් හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අගමැතිවරයා විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂ නායකයින් හමුවීමට ද නියමිත බව එම පුවත්පත වාර්තා කරයි.

Share this: