මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයේ දැනට වාහන හිමියන්ගේ සහ පෙර වාහන හිමියන්ගේ නම් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව 2023 මැයි 17 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි සහතිකයේ වත්මන් හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් වේ.
DMT ට අනුව, පෙර අයිතිකරුවන්ගේ සංඛ්යාව ලේඛනයේ සඳහන් නොවේ.
කෙසේ වෙතත්, පෙර හිමිකරුවන්ට අදාළ තොරතුරු පරිගණක පද්ධතියේ පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: