මෝටර් රථ අනතුරෙන් දෙමව්පියන් මිය ගියත් තම සොයුරන් දෙදෙනා බේරාගත් අවුරුදු 5ක වීර දියණිය!

මෝටර් රථ අනතුරෙන් දෙමව්පියන් මිය ගියත් තම සොයුරන් දෙදෙනා බේරාගත් අවුරුදු 5ක වීර දියණිය!

දරුණු රිය අනතුරකින් දෙමාපියන් එම ස්ථානයේදීම මියයාමෙන් පසු 5 හැවිරිදි දැරියක් තම බාල සොහොයුරාගේ ජීවිතය බේරාගත් පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ අගනුවර වන පර්ත් සිට කිලෝමීටර් 280 ක් පමණ දුරින් පිහිටි කොන්ඩිනින් නගරයේ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 25 හැවිරිදි සින්ඩි බ්‍රෑඩොක් සහ 28 හැවිරිදි ජේක් ඩේ එම ස්ථානයේදීම මිය ගියහ.

නමුත් ඔවුන්ගේ දරුවන් තිදෙනා දිවි ගලවා ගත්හ.

අනතුර සිදුවී දින දෙකකට පසු ඥාතියෙකු විසින් සිදුකළ සෝදිසියකින් අනතුරුව ඔවුන් සොයා ගත් බව පොලිසිය පවසයි.

දරුවන් තිදෙනා මෝටර් රථයේ සුන්බුන් අතර සිරවී සිටි අතර ඔවුන්ගේ දෙමාපියන්ගේ මළ සිරුරු ඔවුන් අසල තිබූ බව පැවසේ.

තිදෙනාගේ වයස පිළිවෙලින් – දුවගේ වයස අවුරුදු 5 යි, පුතාගේ වයස අවුරුදු 2 යි, සහ බාල පුතාට අවුරුදු 1 යි.

ඔවුන් අධික උණුසුමෙන් දිවි ගලවා ගත් ආකාරය පුදුම සහගත බව පොලිසිය පවසයි.

ඔවුන්ගේ මෝටර් රථය නත්තල් උත්සවයකට යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව සඳහන්.

තම සහෝදරයාගේ ආසන පටිය පස් හැවිරිදි දැරිය ගැලවීමෙන් අනෙක් දරුවන් දෙදෙනගේද දිවි ගලවා ගත් බව ඥාතීන් පවසයි.

Share this: