මෝටර් රථයකින් මළ සිරුර හමුවේ

මෝටර් රථයකින් මළ සිරුර හමුවේ

මෝටර් රථයක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ රථගාලේ නවතා තිබු මෝටර් රථයක තිබි මෙම මල සිරුර සොයාගෙන ඇත,

මෙය, මහනුවර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසුවේය.

මේ ලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බව අනාවරණය විය.

මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර මහනුවර මහ රෝහලට බාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණ කරනවබ පොලිසිය පවසි.

Share this: