බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අතිශය ප්‍රබල සුළි කුණාටුවක් වන “මෝචා” වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අනුව, දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share this: